Header Ads

Windows 10 : Command prompt වලින් වැඩ කරමු.




Windows මෙහෙයුම් පද්ධතියේ අතුරුමුහුණත් හෙවත් ඉන්ටෆෙස් දෙකක් වෙයි. තිරයෙන් පෙනෙන මෙනු හා විදාන ක්‍රියාත්මක කරගත හැකි අතු මුහුණත හෙවත් ග්‍රැෆිකල් යුසර් ඉන්ටෆෙස් ඉන් එකකි.

සඟවා ඇති අතුරු මුහුණත හෙවත් කමාන්ඩ් ලයින් ඉන්ටෆෙස් එක අනෙක් එකයි.  ප්‍රකටව ඇති ග්‍රැෆිකල් යුසර් ඉන්ටෆෙස් එක හරහා ගොස් කරගත නොහැකි වැඩ ගණනාවක් කරගන්නට මෙම කමාන්ඩ් ලයින් ඉන්ට්ෆෙස් එක යොදාගත හැක. ඉන් කීපයක් මෙහි ඇත.


·         මෙ සඳහා මුලින්ම command prompt එක වෙත පිවිසිය යුතුය. ඒ සඳහා start මෙනු එකට ගොස් cmd ලෙස type කරන්න. එවිට Command Prompt අයිකන් එක පෙන්වයි. එය මත click කර විට command prompt එකට පිවිසිය හැක.







·         එසේ නැත්නම් යතුරු පුවරුවෙහි Windows ලකුණ ඇති යතුර තදකරගෙන R යතුර තදකරන්න. එවිට Run ඩයලොග් box එක එයි. එහි cmd ලෙස type කර OK කරන්න. එවිටද command prompt එක වෙත පිවිසිය හැක.






පහත දී ඇති විධාන ( command ) type කල යුත්තේ එම command prompt වින්ඩෝ එක තුලය. එසේ type කර යතුරු පුවරුවේ අතු Enter යතුර තද කල විට එම විධානය ක්‍රියාත්මක වෙයි.






ü Copy - මෙහෙයුම් පද්ධතියේ දෝෂ ඇති වී හිර වූ විට ෆයිල් එකක් copy කර paste කර ගැනීමට මෙම විධානය භාවිතා කල හැක. එවිට මෙම විධානය type කල යුත්තේ පහත පරිදිය.



D:\ABC\smaple.txt  E:\File\sample.txt

1.       මෙහි D: යනු copy කිරීමට අවශ් දෙය ඇති partition එකයි

2.       මෙහි ABC යනු copy කිරීමට අවශ් දෙය ඇති Folder එකයි

3.       මෙහි smaple.txt යනු copy කිරීමට අවශ්‍ය දෙය වේ. මෙහිදී එහි format එක අනිවාර්යයෙන්ම ඇතුලත් කල යුතුය. ( EX : sample.mp3 / sample.mp4 / sample.txt / sample.html )



4.       මෙහි E: යනු copy කරගත් දෙය paste කිරීමට අවශ් partition එකයි

5.       මෙහි ABC යනු copy කරගත් දෙය paste කිරීමට අවශ් Folder එකයි

6.       මෙහි smaple.txt යනු copy කරගත් දෙය වේ. මෙහිදී එහි format එක අනිවාර්යයෙන්ම ඇතුලත් කල යුතුය. ( EX : sample.mp3 / sample.mp4 / sample.txt / sample.html )








Enter යතුර තද කල පසු මෙසේ දිස් වේ.






ü Format - ෆ්ලෑෂ් drive එකක් හෝ හාර්ඩ් ඩිස්ක් drive එකක් format කිරීමට මෙය භාවිතා කල හැක.





·         format කිරීමට නොහැකි ෆ්ලෑෂ් drive යනාදිය format කරගැනීමට



format i : /fs:ntfs



1.       මෙහි i යනු format කල යුතු drive එක හෙවත් drive letter එකයි.

2.       fs:ntfs යනු format කලයුතු ආකෘතියයි.



·         මෙම fs යන්න ඉදිරියෙන් FAT 32 හෝ FAT ලෙස type කර එම file සිස්ටම් වලට ගැලපෙන සේ drive එක format කරගත හැක.





ü sfc/scannow – Windows මෙහෙයුම් පද්ධතියේ දෝෂ තිබේදැයි සොයා බැලීම.



sfc/scannow









ü chkdsk - හාර්ඩ් ඩිස්ක් එකේ හෝ ෆ්ලෑෂ් drive එකක දෝෂ තිබේ දැයි සොයා ඒවා සමනය කිරීම.





·         chksdk E: “ යනු දෝෂ පරික්ෂ කලයුතු drive එකයි.



·         දෝෂ හමුවුයේනම් එම දෝෂ නිවැරදි කිරීම සඳහා “ chksdk E:/f “ ලෙස type කල යුතුය.



·         “ chkdsk E:/f/R ලෙස විධානය දුන් විට හාර්ඩ් ඩිස්ක් එකෙහි බැඩ් සේක්ටර්ස් ඇත්නම් ඒවා ලකුණු කර එතන ඇති file වෙන තැනකට යොමු කරයි.





ü පරිගණකයේ install කර ඇති ඩ්‍රයිවර් වැඩසටහන් පිළිබඳව විස්තර පෙන්වයි.



·         driverquery








ü File එකක් delete කිරීම.



C:\ABC\sample.txt

·         මෙහෙදී C ඩ්‍රයිව් එකෙහි ABC ෆෝල්ඩර් එකේ ඇති sample.txt යන්න මැකී යයි.



ü පරිගණකය Shut Down කිරීම හෝ Restart කිරීම





1.       shutdown – s “ විධානය දුන් විට පරිගණකය shutdown වෙයි.

2.       shutdown – r “ ලෙස දුන් විට පරිගණකය restart වෙයි.

3.       විධානය දී යම් කාලයකට පසුව shutdown කිරීමට “ shutdown – s – t 120 “ යන විධානය දිය හැක. ( මෙහි 120 යනු ප්‍රමාද වියයුතු තත්පර ගන්නයි )


No comments