Header Ads

OnePlus 5 ෆෝන් එකක් ගන්නවද, නැද්ද? / ගත්තොත් අමාරුවේ වැටෙයිද?



මුලින්ම අපි OnePlus ෆෝන් සීරියස් එක ගැන බලමු. OnePlus සීරියස් එකේ මුලින්ම ආපු ෆෝන් එක උනේ OnePlus 1 කියන ෆෝන් එක. ඉතින් මෙ ෆෝන් එක අපි කව්රුත් හිතපු නැති තරම් ජනප්‍රිය උනා. එකට හේතුව උනේ රුපියල් 60000 – 70000 ත් අතර මුදලකට ගන්න තියන ගොඩක් හොඳ pefomence තියන ෆෝන් එකක් නිසා. ඊට පස්සේ OnePlus 2 කියන ෆෝන් එක අවා. ඉතින් මෙ ෆෝන් එකේ OnePlus 1 කියන ෆෝන් එකට වඩා පොඩි වෙනස්කම් කිහිපයක් විතරක් තිබුන වගේම මිලත් ටිකක් වැඩි උනා. මේ ෆෝන් දෙකටම පස්සේ OnePlus 3 ෆෝන් එක හා OnePlus 3T කියන ෆෝන් දෙක අවා. මෙ ෆෝන් දෙකම ගොඩක් සුපිරි ගනයේ ෆෝන් දෙකක් උන.

·         OnePlus 1 ෆෝන් එක ගැන Review එක බලන්න : https://youtu.be/Jucredt5IWY

·         OnePlus 2 ෆෝන් එක ගැන Review එක බලන්න : https://youtu.be/yWR_7SzSyec

·         OnePlus 3 ෆෝන් එක ගැන Review එක බලන්න : https://youtu.be/p-EeUyFJJtM

·         OnePlus 3T ෆෝන් එක ගැන Review එක බලන්න : https://youtu.be/lbFkq66yh8w

 ඊට පස්සේ ඔන්න අලුත්ම OnePlus 5 කියන ෆෝන් එක අවා. ඉතින් මේ ෆෝන් එක දැනට තියන සුපිරි ගනයේ ෆෝන වල මුදලට ගොඩක්ම සමානයි. මෙ ෆෝන් එක ලංකාවට එනකොට රුපියල් 80000 – 100000 අතර වගේ මුදලක් වෙනවා. රුපියල් 80000 – 100000 අතර මුදලක් තියාගෙන OnePlus 5 වගේ ෆෝන් එකක් ගණන එකනම් එච්චර නුවනට හුරු දෙයක් නෙවෙයි. අපි දැන් එකට හේතුව මොකද්ද බලමු.

මේකට තියෙන්නේ Snapdragon 835 කියන චිප් සෙට් එකක්. ඒවගේම මේකේ 6GB  RAM එකක්, 64GB Internal මෙමරි එකක් තමයි තියෙන්නේ. ඒවගේම මේකේ 8GB RAM එකක් තියන ෆෝන් එකකුත් Release වෙලා තියනවා. මේකේ තියෙන්නේ 16MP Dual කැමරා එකක්.

මේ OpnePlus 5 ෆෝන් එකේ RAM එක Hardware වගේ දේවල් වැඩිපුර තිබුනත් මේ ෆෝන් එක නිෂ්පදයේදී Software වගේම Hardware ගැන දක්වලා තියන සැලකිල්ල නම් ගොඩක් අඩුයි.

ඉතින් අපි දැන් තියන Huawei, Apple, Samsung, LG වගේ ෆෝන් එක්ක මෙ ෆෝන් එක දිහා බලනකොට Game සෙල්ලම් කරනකොට මෙ OnePlus ෆෝන් එකක් හොදක් රත්වෙනවා වගේම කැමරා එකේ Quality එකත් අනිත් ෆෝන් වලට වඩා අඩුයි.

දැන් ඉතින් ඔයාට හිතන්න වෙනවා මේ OnePlus 5 ෆෝන් එකක් ගන්නවද නැද්ද කියලා.


No comments