තමන්ට ගැලපෙන ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද?
ලැප්ටොප් එක කියන්නේ මේ වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් වෙලා. එහෙම
කිව්වම ඔයාට හිතෙන්න පුළුවන් ලැප්ටොප් එකෙනුයි ඩෙස්ක්ටොප් පරිගනකයෙනුයි කරන්නේ එකම
දේ නිසා ලැප්ටොප් එක විශේෂ නැ කියලා. එහෙම හිතුවොත් ඔයා වැරදියි. මොකද කිව්වොත්
ඩෙස්ක්ටොප් පරිගණකයක් කවදාවත් අපිට තැනින් තැනට අරගෙන ගිහිල්ලා වැඩකරගන්න බැ. අන්න
එක නිසා ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට වඩා විශේෂ වෙනවා.
ඉතින් මේ ගොඩක් අයට තියන ප්‍රශනයක් තමයි තමන්ට ගැලපෙන ලැප්ටොප්
පරිගනකයක් තෝරාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බලමු කොහොමද අපිට ගැලපෙන ලැප්ටොප්
එකක් ගන්නේ කියලා.
1. පලවෙනි දේ තමයි ඔයා මේ ලැප්ටොප් එකක් ගන්නේ
මොනවගේ දේවල් කරන්නද කියන එක ගැන අනිවාර්යය්ර්නම හිතන්න ඕන.
·
ඔයා ලැප්ටොප් එකක් ගන්නේ සමාන්‍යයෙන්
එදිනෙදා වැඩකටයුතු කරගන්නනම් (Office පැකේජ් එකේ වැඩකරන්න, Film බලන්න, අධ්‍යාපන
කටයුතු කරගන්න....) ඔයාට i3 ප්‍රොසෙසර් එකක්, 2GB RAM එකක් වගේම 1GB VGA card
එකක් තියන ලැප්ටොප් එක හොඳටම ප්‍රමාණවත් වෙනවා.
·
එතනින් එහාට ගියාම ඔයා ෆොටෝෂොප් වගේ
මෘදුකාංග භාවිතාකරලා ෆොටෝ එඩිට් කරණ කෙනෙක්නම්, සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ පරිගණක ක්‍රීඩා
කරන කෙනෙක්නම් i5 ප්‍රොසෙසර් එකක්, 4GB – 8GB වගේ RAM එක, 2GB – 4GB VGA card
එකක් (Nvidia, AMD) තියන ලැප්ටොප් එකක් ප්‍රමාණවත් වෙනවා.
·
ඒවගේම ඔයා Advance මට්ටමේ Gammer කෙනෙක්නම්,
Video එඩිටින්, Graphic Designing, 3D ඇනිමේෂන් වගේ දේවල් හදන
කෙනෙක්නම්, ඔයාට i7 ප්‍රොසෙසර් එකක්,16GB හෝ ඊට වැඩි (32GB) RAM එකක්, 4GB - 8GB
වගේ VGA card එකක් තියන ලැප්ටොප් එකක් ප්‍රමාණවත් වෙනවා.
2. ඊළඟ කාරණාව වෙන්නේ ඔයා ගන්න යන ලැප්ටොප් එකේ Brand
එක. (උදා : Samsung, HP, Dell, Asus...)
·
Samsung, hp, Dell, msi, Asus,
Microsoft Surface LapTop වගේ Brand වල ලැප්ටොප් නම් හොඳයි. ඔයා
Gammer කෙනෙක්නම් Asus, msi, කියන බ්‍රෑන්ඩ් හොඳයි.
·
Singer ලැප්ටොප් නම් නිකන් දුන්නත් ගන්න එපා.
3. අනිත් කාරණාව තමයි මිළ.
·
ඔයාගේ ළඟ තියන මුදල ගැනත් අනිවාර්යයෙන්
හිතන්න.
මේ ගැන ඔයාගේ අදහස් පල්ලෙහා Comment
කරන්න
මේ ගැන ඔයාගේ අදහස් Comment කරන්න
ReplyDelete