Header Ads

Wannacry (වොනක්‍රයි) සයිබර් ප්‍රහාරය කාගේ වැඩක්ද?



2017 මැයි 12 වනදා එල්ල වූ වොන්නක්‍ර්යි (Wannacry) සයිබර් ප්‍රහාරය අඩපන කිරීමට සතියක් වැනි කාලයක් ගතවිය. එයින් පෙන්නුම් කරන්නේ එය එතරම් ප්‍රබල ප්‍රහාරයක් බවයි. මෙය වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක මුලික කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය රැන්සම්වෙයාර් එකකි. මෙමගින් පරිගණකවල ඇති files වෙත පිවිසීමට නොදී ඩොලර් 300 සිට 600 දක්වා මුදලක් බිට්කොයින් වලින් ගෙවන ලෙස ඉල්ලා තිබුණි. විවිද ආරක්ෂක ආයතන හා නිලදාරීන් මෙය මැඩලීමට උතසහ කලද 2017 මැයි 19 වනදා තෙක් මෙය මැඩලීමට නොහැකි විය. මෙහිදී ඇතිවන ප්ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රහාරය එල්ල කලේ කව්රුන්ද යන්නයි.

Google සමාගමේ පරිගණක ආරක්ෂාව පිලිබඳ පර්යේෂකයකු මෙම වොනක්‍රයි රැන්සම්වෙයාර් එකේ කේත විශ්ලේෂණය කර ඇත. එහිදී ඔහුට තහවුරුව තිබෙන්නේ වොනක්‍රයි හි කේත 2016 වර්ෂයේ බංගලාදේශයේ බැංකුවකට එල්ලවූ ප්‍රහාරයේ කේතවලට සමාන බවයි. එසේම 2014 වර්ෂයේ Sony Pictures සමාගමට එල්ලවූ හැකර් ප්‍රහාරයට යොදාගත් වැඩසටහනට සමාන බවයි. මෙම සයිබර් ප්‍රහාර දෙකම එල්ල කල කණ්ඩායම තමන් ලසර් ගෘප් (Lazarus Group) යන නමින් හදුන්වා ගනී. මෙම කණ්ඩායම කුලියට සයිබර ප්‍රහාර එල්ල කරන, ඉතා ඉහල පරිගණක දැනුමක් ඇති, නුතන ආරක්ෂණ ක්‍රම මගහරවා යාමට දන්නා තවමත් හඳුනා නොගත් හැකර් කණ්ඩායමකි.
Win a Huawei P10 : Click Here

කැස්පර්ස්කි ලැබ් ආයතනය පසුගිය දා පලකල වර්තාවක සඳහන් වෙන්නේ ලසර් ගෘප් කණ්ඩායම උතුරු කොරියාවේ සිටද ක්‍රියාත්මක වෙන බවයි. මෙම ලසර් ගෘප් කණ්ඩායම සමග බ්ලුනොරෝෆ් (Bluenoroff) නම් උප කණ්ඩායමක්ද ක්‍රියාකරන බව පෙන්වා දී ඇත. එසේම ඔව්න් ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්න පරිගණක ඇත්තේ උතුරු කොරියාවේ බවත් කැස්පර්ස්කි ලැබ් වාර්තාවෙන් පෙන්වා දෙයි. නමුත් ඔව්න් තමන්ගේ IP ලිපින වෙනස් කොට ඒවා උතුරු කොරියාවේ IP ලිපින ලෙස පෙනවනවද යන්න සොයාගෙන නැත.

එංගලන්තයේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙකුද මෙම වොනක්‍ර්යි හි කේත විලේෂණය කර ඇත. එහිදී ඔහු පෙන්වා දී තිබෙන්නේ Wannacry රැන්සම්වෙයාර් වැඩසටහනට හසුවූ පරිගණක වෙත මුදල් ඉල්ලා එවූ දැන්වීම මිනිසෙකු විසින් ලියනු ලැබූ ආකාරයේ එකක් නොව එය පරිගණක වැඩසටහනක් හරහා පරිවර්තනය කල එකක් බවයි. එය චීන භාෂාවෙන් ලියා පසුව ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති බව ඔහු පවසා ඇත. එමගින් ඔප්පු වන්නේ මෙම Wannacry වැඩසටහන චීනයේ තනා ඇති බවයි.

මෙම පැහැදිලිකිරීම් සියල්ලෙන්ම එළඹිය හැකි නිගමනය වන්නේ ලසර් ගෘප් යන කණ්ඩායම ජාත්‍යන්තර එකමුතුවක් බවයි. චීනයේ මෙන්ම උතුරු කොරියවේද ඔව්න් සිටී. කෙසේ උවත් මෙවැනි කණ්ඩායම් මුළුමහත් ලෝකයේම සයිබර් ආරක්ෂාවට තර්ජනයකි.



මෙම ගැන ඔබේ අදහස්  Comment කරන්න.
ඔයාගේ යාළුවොන්ටත් දැනගන්න share කරන්න.

No comments