ඇන්ඩ්රෝයිඩ් උපාංගයේ ඇති සියලුම හාර්ඩ්වෙයාර් වල විස්තර සහ එහි දෝෂ පිලිබඳ තොරතොරු දැනගැනීමට දැන් තිබෙන නොමිලේ දෙන හොඳම ඇප් එක
ඇන්ඩ්රෝයිඩ් උපාංගයේ ඇති ප්‍රෝසේසරය ඇතුළු සියලුම හාර්ඩ්වෙයාර් වල විස්තර සහ එහි දෝෂ වෙතොත් ඒ පිලිබඳ තොරතොරු දැනගැනීමට දැන් තිබෙන නොමිලේ දෙනා හොඳම ඇප් එක ලෙස සැලකෙන්නේ සීපීයූ සී (CPU – Z) ය. www.cpuid.com යන වෙබ් අඩවියෙන් හෝ Google play store වෙතින් ඩව්න්ලෝඩ් කරගත හැක.
මෙහිදී මුලින්ම Android උපාංගයේ ප්‍රොසෙසරය පිලිබඳ විස්තර පෙන්වයි (ප්‍රොසෙසරයේ වර්ගය පෙන්වයි). අනෙක් විස්තර ඊට පහලින් පෙන්වයි. ඒවා මෙසේය,
· Cores – ප්‍රොසෙසර් එකෙහි ඇති කොර් ප්‍රමාණය පෙන්වයි.
· Clock Speed – ප්‍රොසෙසරයේ වේගය පෙන්වයි.
· CPU Load – සීපීයූ එකෙහි මුළු ක්‍රියාකාරීත්වයෙන් දැන් කොපමණ ප්‍රමාණයක් භාවිත කරන්නේද යන්න දක්වයි.
Devices පිලිබඳ විස්තර පෙන්වයි
තම Android උපාංගයේ නිෂ්පාදන විස්තර ඇතුළු තොරතුරු දැනගැනීමට Device නම් ටැබ් එක තෝරා ගත යුතුය. එවිට පෙන්වන විතර මෙසේය.
· Model – Android උපාංගයේ මාදිලිය පෙන්වයි.
· Brand – නිෂ්පාදන මාදිලිය පෙන්වයි.
· Screen Size – Android උපාංගයේ තිරයේ ප්‍රමාණය පෙන්වයි.
· Screen Resolution – තිරයේ ප්‍රමාණය පික්සල් වලින් පෙන්වයි.
· Dimensions – උපන්ගයේ බර පෙන්වයි.
· Total RAM – සම්පුර්ණ RAM ධාරිතාව පෙන්වයි.
· Available RAM – දැනට භාවිතාවන RAM ප්‍රමාණය පෙන්වයි.
· Internal Storage – අභ්‍යන්තර මතකයේ ධාරිතාව.
· Release Date – දුරකථනය නිකුත් කළ දිනය.
Android විස්තරය
Install කර ඇති Android සංස්කරණයෙහි විතර දැනගැනීමට System ටැබ් එක තෝරාගත යුතුය. එවිට පෙන්වන විස්තර මෙසේය.
· Android Version – Android සංස්කරණය කුමක්ද යන්න.
· Kernel Version – මෙහෙයුම් පද්ධතියේ Kernel සංස්කරණය දක්වයි.
· Root Access – Android උපාංගය Root කර තිබේද යන්න දැනගත හැක.
Battery විස්තරය
· Battery health
· Battery level
· Power source
· Status
· Temperature
· Capacity
මිට අමතරව CPU – Z ප්‍රධාන තිරයේ ඇති Sensors යන්න තුලින් Android උපාංගයේ ඇති Sensors වර්ග මොනවාද යන්න දැනගත හැක.
Post a Comment