Header Ads

Apple HOMEPOD : අලුත්ම ඇපල් ගැජට් එක

ඇපල් දුරකථන නිපදවන ඇපල් සමගම විසින් අලුත් නිපැයුමක් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ඇපල් හෝම් පොඩ් ( Home Pod ) ලෙසය. මෙම උපාංගය සංගීත නාද නිපදවන ලොව හොඳම උපාංගයක් ලෙසත්, එසේම එය ගීත රඳවා තබාගෙන ඇසීමට හැකි හොඳම උපකරණය බවත් ඔව්න් පෙන්වා දෙනවා. එසේම මෙය ipod උපාංගයේ වැඩි දියුණු කිරීමක් බවද ඔව්න් පෙන්වා දෙනවා.

තාක්ෂණික වශයෙන් ගත්විට මෙය ස්මාර්ට් ස්පීකරයකි. එනම් එය කටහඬින් දෙන විදාන අනුව ක්‍රියාත්මක වෙයි. මෙහි බ්ලුටුත් වැනි රැහැන් රහිත සන්නිවේදන තාක්ෂනික් යෙදුම් භාවිතා වෙයි. මෙය පරිගණක ජාලයකට හෝ අන්තර්ජාලයට සම්බන්ද කර ක්‍රියා කල හැකිය. මෙහි මයික්‍රෆොන්යක් මෙන්ම තවත් බොහෝ හඬ සංවේදක ගණනාවක්ද පිහිට ඇත. එම නිසා මෙය ස්පීකරයක් පමණක්ම නොව. මෙය ඇපල් A8 වර්ගයේ සිස්ටම් ඔන් චිප් වර්ගයේ මව්පුවරුවක් ඇති පරිගණකයක් යැයි ද කියන්නට පුළුවනි. මෙහි බර කිලෝග්‍රෑම් දෙක හමාරක් පමණ වන අතර මෙය එළඹෙන දෙසැම්බරයේ වෙළඳපොළට නිකුත් වීමට නියමිතයි.

මෙහි ට්වීටර් 7 ක් සමග එක් වුෆරයක් තිබේ. ඒ නිසා ඉතා සියුම් නාද මෙන්ම බේස් නාද සහිතව සබැ හඬ වැනිම නාද ඇසීමට හැක. මෙය රව්ම් හැඩයෙන් යුක්ත උපාංගයක් වන අතර මෙහි ඉහලින් තීරයක් ඇත. කටහඬින් දෙන විදාන ලබාගැනීමට මෙහි ඇපල් සිරි මෘදුකාංගය ඇත. විදානයක් ලබාදෙන විට කලින් කී තිරයෙහි තරංග රටා පෙන්වයි.


No comments