ටොරන්ට් Client වැඩසටහනක් නොමැතිව ටොරන්ට් Download කරමු
මේ වෙනකොට අපි හැමෝම Films, Games, Software, TV Series වගේ වගේ දේවල් Download කරගන්න මේ ටොරන්ට් කියන දේ පාවිච්චි කරනවා. මේ ලිපිය කියවන ඔයත් මේ ටොරන්ට් පාවිච්චි කරලා Films, Games, Software, TV Series වගේ දේවල් ඕනෑතරම් Download කරලා ඇති. ඒ කියන්නේ ඔයා දන්නවා මේ ටොරන්ට් Download කරන්නනම් අපිට ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් (Torrent Client Programme) අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මේ වෙනකොට තියන හොඳම ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහන් දෙකක් තමයි uTorrent සහ BitTorrent කියන්නේ. හැබැයි අපිට මේ ටොරන්ට් Download කරන්න ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් තිබීම අවශ්‍ය වෙන්නේ නෑ. අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි යමක් Download කරන විදියටම මේ ටෝටන්ට් කරන්න.
මේ සඳහා අපිට Internet Download Manager වැඩසටහන පරිගණකයේ තිබීම වැදගත් වෙනවා.
මේ සඳහා අපි යොදාගන්නවා Bytesloader.com කියන වෙබ් අඩවිය
01.මුලින්ම අපි ටොරන්ට් වෙබ් අඩවියකට ගිහිල්ල අපිට අවශ්‍ය ටොරන්ට් එක හොයාගන්න ඕන
02.අදාල ටොරන්ට් එක හොයාගත්තට පසු එහි ඇති Magnet Link එක කොපි කරගන්න
03.කොපි කරගත් පසු Bytesloader.com වෙබ් අඩවියට යන්න
04.කොපය් කරගත් ලින්ක් එක එහි paste කරන්න
05.පසුව download බොත්තම මත click කරන්න
මෙතනින් එහාට වැඩේ කරගෙන යන විදිය දැනගන්න පහල තියන video එක බලන්න
Post a Comment